අනේ මට පාඩුවේanee mata paaduwee

Ane Mata paduwe

Lyrics

අනේ මට පාඩුවේ - ඉන්න ඉඩ දෙන්න මගෙ කූඩුවේ
ලියා ගී හදවතේ - කිවිඳ මට හිරිහැර නොකරන මෙසේ
අනේ මට පාඩුවේ

ඔබගේ සුලකළ අකුරු පෙළේ පැටලී
ගැළවීමක් නැත යෞවනයට මිහිරී
ආලය පිළබඳ සිතුවිලි ළය වැතිරී
විඳවමි තනිවම ඔබට ශාප කරමි

කිරුළු දරන්නට නිවි රජයෙහි මනරම්
විරචිත කවි ගී කිවිඳුනි ඇති දැන් නම්
යෞවනියන් හට කවියෙන් දී දඬුවම්
ලබනා බුහුමන් ඔබ හට වෙයි නොතරම්

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.