අනේ දෙවියනේ මට සල්ලි තමයි ඕනාanee dhewiyanee mata salli thamayi oonaa

Ane Dewiyane Mata Salli Thamai Ona

Lyrics

(බජාර් එකේ රජා වගේ ඉන්න තමයි ඕනා
රජා වගේ උජාරුවට ඉන්න තමයි ආසා
සේරම හරි එකම දෙයයි අඩු පාඩුව තියෙනා
අනේ දෙවියනේ මට සල්ලි ටිකක් ඕනා.......//)

කණ්ඩලමට දුර වැඩි නම් ගල්කිස්සේ හෝටලේක
ඉඳලා හිටලා සැපක් ගන්න ඕනා
හෝටලෙන්ම කාලා බීලා මුහුදු වෙරළේ නාලා කරලා
දිනක් දෙකක් ගත කරන්න ආසා
හිතුමතේට ජෝලි කරන්න හෝටලේක කාලා බීලා
අනේ දෙවියනේ මට සල්ලි තමයි ඕනා.......

ලැම්බෝගින් සැර වැඩි නම් අඩුම ගානේ නැනෝ එහෙක
ෂපාන් එකේ මටත් යන්න ඕනා
ජැන්ඩි පහට ඇඳලා කරලා ෂෑන්ඩි කරලා බ්‍රැන්ඩි බීලා
ඩ්‍රයිවර් කෙනෙක් එක්ක යන්න ආසා
හිතුමතේට කාර් ගන්න ලීස් කරලා මාස් පතා ගෙවලා
අනේ දෙවියනේ මට සල්ලි තමයි ඕනා.......

බජාර් එකේ......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.