Lyrics
අඳුර විතරක් එන්න එපා සඳ පායන්න
බැස ගියා හැම සඳම පෑල අහසින්
දන්න ඝණදුර හොඳයි
චන්ද්‍ර මඬලට වඩා නිවෙන රහසින්
නින්ද විතරක් එන්න
බෑ සිහින සිපගන්න
බිඳෙනවා හැම සිහිනයක්ම රහසින්
බැදුණ සිත මං දරාගමිද කෙලෙසින්
සුළඟ විතරක් එන්න
මල් සුවඳ නොගෙනෙන්න
සුවඳ විතරක් මොටද අහිමි මලකින්
බැඳුණ පසු සිත මුදා ගම්ද කෙලෙසින්
අඳුර විතරක් එන්න .....