අඳුර නසන්නටandura nasannata

Andura Nasannata

Lyrics

අඳුර නසන්නට
පහනක් ලෙස දැල්වී
හත්දිනත් තරු
පොකුරේ ඔබ සැඟවේ...//

මට අහිමිව යන ඔබේ සිනා කැකුලයි
සමු ගන්නට බැහැ සිතේ හැඟුම් සසලයි
සිත් රිදවන්නට සෙනෙහස මෝදු වෙලා
අපි දෙන්නා අද දෙතැනක නතර වෙලා...

අඳුර නසන්නට .../

දෙසිතක සැඟවුණු සෙනෙහස මතක තියේ
හඬා වැටෙන්නට අපි නොදරුවන් නොවේ
මට දුන් සවියම ඔබට සවිය වේවා
තහනම් බැමි නැති ලොවකදි හමුවේවා...

අඳුර නසන්නට ...//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.