අඳුර ඉරාandura iraa

Andura Ira

Album
Unforgettable Melodies
Music:
ක්ලැරන්ස් විජේවර්ධනklaerans wijeewardhhana
Lyrics:
කුලරත්න අරියවංසkularathna ariyawansa

Lyrics

අඳුර ඉරා සඳ නිදි වෙලාවේ 
පබළු වලා විහිරුණු වෙලාවේ 
අඳුර පුරා අමරස වෑහිලා 
බිඳුණු සෙනේ කඳුලැලි පාවීලා 

කටුක ලොවේ ඝනඳුරු සීමාවේ 
සතුට රැඳේ මතු මත මා යාවේ 
මනස නිවී සැනසෙන හෝරාවේ 
දසත නැගී හසරැල් ගී රාවේ
 
අඳුර ඉරා...

සොඳුරු රැයේ බොඳවුණු චයාවේ 
එළිය නිවී ඇගේ රූ සේයාවේ 
දැහල බැඳී සිතුවිලි මායාවේ 
කැකුළු පිපී මදහස රාවේ 

අඳුර ඉරා...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.