අඳුර ඉකිබිදිනandura ikibidhina

Andura Ikibidina

Lyrics

අඳුර ඉකිබිදින තුරු සිටියට සැගවී
සුවද නුඹ ලගයි නුඹ කොතැනද මලවී
නාඩනු දුක් කදුල තුරුලටම වඩිමී
සුවද තවම හිත ලද නිදි නැතුව ඉදී

පිවිතුරු පැන් බිදකට මුතු කදුළු වැටී
දෑගිලි මැද සෙනෙහස රන් දෙවොල තැනී
සාගරයක ආදර රැලි හිතට එබී
ගිලිහුනා තමයි සොදුරියෙ සසර බැමි

අඳුර ඉකිබිදින ....

මල් පෙති මත නැවුම් සුවද වැතිර ඉදී
මින්දදයින් මා බලන්න නිතර එතී
හීනෙන් මුදු පොපියන තොල් සගල සිඹී
ඔබෙ සුවදින් බිදුනා දුක සසර පිරී 

අඳුර ඉකිබිදින ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.