Lyrics
අන්දකාරේ මා තනිවෙලා හීන ගානේ මා නැවතිලා
නලියමින් මාව ඉඟි මැරූ රාග රූප සෝබාව නුඹේ නුරා
මතකයන් ගාව නවතලා මාව හැරගියේ යන්න ඔබ දමා.....
ලෝකයම අද එරෙහි වී මට කව්රුත් කරවයි චෝදනා
නෑ සමාවක් දෙන්න බැරි තරමට මාගෙන් වරදක් වෙලා
හිතුමතේ ඔබ තමයි මට ලංවුණේ මේ සසරේ
දෛවයේ ලියමනයි අප වෙන් කළේ මේ භවයේ.....
අන්දකාරේ මා තනිවෙලා හීන ගානේ මා නැවතිලා...../
කාටවත් නම් වෙන්නට නොදෙවැනි මම ඔබ හට ආදරේ කළා
උපරිමේ මා කැප කළේ හැම දේ ඔබ ගැන විතරක් සිතා
හිතුමතේ ඔබ තමයි මට ලංවුණේ මේ සසරේ
දෛවයේ ලියමනයි අප වෙන් කළේ මේ භවයේ.....
අන්දකාරේ මා තනිවෙලා.....