අන්ද මන්ද නොකරන් සිතandha mandha nokaran sitha

Anda Manda Nokaran Sitha

Lyrics

(අන්ද මන්ද නොකරන් සිත බැන්ද ආදරේ....//)
ලන්ද වෙල උඩින් පුර සඳ පායනා රැයේ
නින්ද නෑ මගේ ඇස ලඟ මන්ද කාරණා
මේ නිසල රාත්‍රියේ

හැන්දැ යාමයේ හමු වූ සුන්දරාවියේ
මන්දහාසයෙ උපමා සිය ගණන් තියේ
ඔය ඇස් කොණේ බැලුම් ලඟ සිත අසරණයි ප්‍රියේ
සිත අසරණයි ප්‍රියේ

අන්ද මන්ද නොකරන්....

මං නිසා නුඹේ සිත ලඟ කැළඹුණිද සිතුම්
හැරි හැරී බලා නොකියා කියනවා නෙතින්
අපි සිත් වලින් බැඳී ඉවරයි දිවිතුරා ඉතින්
මුළු දිවිතුරා ඉතින්....

අන්ද මන්ද නොකරන්...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.