අනන්තයේ සිතananthayee sitha

Ananthaye Sitha

Music:
ශජීව අත්තිඩියshajiiwa aththidiya
Lyrics:
අමාලි ඉන්දීවරීamaali indhiiwarii

Lyrics

අනන්තයේ සිත ඇවිද ගිහින් 
ඇස් පියන් වසා ඔබේ රුවම මැවේ
නුඹේ සුවඳ අරන් මුදු සුළඟ ඇවිත් 
මා හදට දැනුනා ඒ නුඹම පමණයි.......

සඳ රැස් මගින් නුඹේ එළිය අරන්
නුඹ හැංඟුණා මා සිත් මඬලේ
මහ සාගරයේ දිය රැල් නගමින්
නොපෙනී ගියා මා තනි කරමින්......
අනන්තයේ සිත ඇවිද ගිහින්....

තරු කැට දිලෙමින් නිල් අහස පුරා
නුඹ එළිය කළා මුළු ලොවම මගේ
මගේ සිත් මඬලේ පැතු සෙනෙහේ අරන්
නුඹ දුරක ගියා මා තනි කරමින්......

අනන්තයේ සිත.......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.