අනන්නතයට යනවාමයි (සිහින මවන්නැති)anannathayata yanawaamayi (sihina mawannaethi)

Ananthayata Yanawamai (Sihina Mawannathi)

Music:
සේනක බටගොඩseenaka batagoda
Lyrics:
සේනක බටගොඩseenaka batagoda

Lyrics

සිහින මවන්නැති අහස උසට තනියම
ලංවෙන්න වෙන්න ඇයි සමහර දුර
ඇහෙන දකින දේවල් කොතරම් තිබුණද
හදට දැනෙන දේවල් ඇයි එතරම් බර
සිර වෙලා නැවතිලා නැතිනම් සීමාවක
නිදහසේ ඉගිලිලා යමු එක රෑනක........

සෑම දේම නිමවිය හැක නිමේෂයක
එහෙම වුනෝතින් මොනවා හිතන්නද
සිහින විමන් වල කවුළු පියන් හැරුණම
අනන්නතයට යනවාමයි ඒ මොහොතේම
සිර වෙලා නැවතිලා නැතිනම් සීමාවක
නිදහසේ ඉගිලිලා යමු එක රෑනක........

සිර වෙලා නැවතිලා නැතිනම් සීමාවක
නිදහසේ ඉගිලිලා යමු එක රෑනක........

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.