Lyrics
අනන්තයට මා ඉගිළෙන
ඔබේ සිතුවම් රේඛාවේ
අනාගතය ලියා තබමි
ඈත සොඳුරු ආතාසේ
ඈත සොඳුරු ආතාසේ //
චන්දන සුවඳින් නැහැවී
හිත ගත වන අරණ තුලින් //
මෙහි එන සිහින වළා
ඉහට උඩින් ඇත ඉසලා
අනන්තයට මා ...
සතුටු සවයි තුරුලු කරන්
නිධානයක රුවන් දොරින්
හෙට අලුයම මගෙ කුටියට
එනු මැන තනිකම පිසදා
අනන්තයට මා ......