අනන්ත තරුවැල්anantha tharuwael

Anantha Tharuwal

Music:
සෝමපාල රත්නායකsoomapaala rathnaayaka
Lyrics:
සේන ලියනගේseena liyanagee

Lyrics

අනන්ත තරුවැල් පිරී ගියාවේ සක්වා තලයම අඳුරු වුණාවේ
සඳවත ගිරි හිස සැඟව ගියාවේ නොබසින සඳ ඔබ මා දිවි අඹරේ.....

නුඹේ පණ නල ගැහෙනා රිද්මේ කුස තුළ ගී මයි මා ඇසුවේ
ප්‍රාණය සරි නුඹගේ ගී වේ අංකුරයයි සිත් රංජනයේ
සසරේ මගේ මා යළි උපදින්නා මා කුස තුළ නුඹ යළි උපදීලා
මගේම දියණිය වී කඳුලට සිනහව මුසු කරවනු මැන 
කම්පිත සිතුවිලි නිසල කළා සේ අනන්ත තරුවැල්.....

ඉකි බිඳිනා මා සිත සනසා දෙනෙතේ උණු කඳුළැලි ලියලා
නුඹ මාගේ දෝතට වැඩිදා ලෝකය මා තුරුලට ආවා 
මා නුඹ හැදුවේ මටම නොවේ ලොවට පුදන්නයි
මලක් වගේ පිවිතුරු මනරම් ඔබ මට සැමදා දියණි වුණාවේ
ලෝකය මා දෑතින් සැදුණාවේ.....

ඉකි බිඳිනා මා සිත සනසා දෙනෙතේ උණු කඳුළැලි ලියලා
නුඹ මාගේ දෝතට වැඩිදා ලෝකය මා තුරුලට ආවා..../////
 

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.