අමුතු ඇඳුම් අැඳamuthu aendum aaenda

Amuthu Andum Anda

Music:
සනත් නන්දසිරිsanath nandhasiri
Lyrics:
ප්‍රේම කීර්ති ද අල්විස්preema kiirthi dha alwis

Lyrics

අමුතු ඇඳුම් අැඳ හඬවන රබානකි අතේ
පොළොවෙ ඉඳන් අඩි දහයක් විතර උස ඇතේ
ආකාසේ ඔළු ව වදියි කියල බය හිතේ
බොරු කකුල් කාරයෙන් එනවා අන්න අර පුතේ

උණබම්බු දෙකක් උඩ මිනිහා ඉන්නේ කොහොමද
එයා අපි වාගේ මහ පොළොවේ පයින් යනවද
මට තේරෙන්නේ නෑ තාත්තේ කිල දෙනවද
එයා උඩින් යන්නෙ ඇයි පහළින් යන්න බැරුවද

බොරු අහංකාරකම් කෙනෙකුලෙ නැති වුණොත් හිතේ
එයා උඩින් නෙවෙයි බිමින් ගියත් වැරැද්දක් නැතේ
බොරු කකුල් මෙයා වාගෙ බැඳල නැති වුනත් පුතේ
ඔය වාගෙ උඩින් යන ඈයො හුඟක් ලොව ඇතේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.