අම්මේ මතකයි නම්ammee mathakayi nam

Amme Mathakai Nam

Lyrics

අම්මේ මතකයි නම් මං පොඩි කාලේදී
ඔබ මට ගී කිව්වා
අම්මේ මතකයි නම් මං පොඩි කාලේදී
මා ළඟ නිදි වැරුවා
මට හීන ගෙනාවා ඒ හීන පිබිදුවා
මට අකුරු කියෙව්වා මගේ දෑස පෑදුවා
ඉර හඳද පෙන්නුවා හොඳ නරක පැහැදුවා
පාසලට හැරලුවා මගේ කඳුළු පිසලුවා
නිම් නෑ මගේ අම්මේ ඔබේ සිහින සුසරේ
ඔබගේ කරුණාබර ආදරේ සදා 
මිය යනතුරු මේ ලොවේ ඔබේ මුදු ගුණ ගැයවේ
ඔබගේ මුදිතා ගුණ සාගරේ සදා.....

අම්මේ මතකයි නම් මං පොඩි කාලේදී
ඔබ මට ගී කිව්වා
අම්මේ මතකයි නම් මං පොඩි කාලේදී
මා ළඟ නිදි වැරුවා
මට කිරුළ හිමි කළා මා ලොවට පැළඳුවා
මට ජයම අත් කළා ඔබ කඳුළු සැඟවුවා
ඔබේ අහසේ මා තබා ඔබ ලොළොවෙම සිටියා
මා මිනිසකු වූදා ඔබ මවකම වූවා
නිම් නෑ මගේ අම්මේ ඔබේ සිහින සුසරේ
ඔබගේ කරුණාබර ආදරේ සදා 
මිය යනතුරු මේ ලොවේ ඔබේ මුදු ගුණ ගැයවේ
ඔබගේ මුදිතා ගුණ සාගරේ සදා.....

(අම්මේ මතකයි නම් මං පොඩි කාලේදී
ඔබ මට ගී කිව්වා
අම්මේ මතකයි නම් මං පොඩි කාලේදී
මා ළඟ නිදි වැරුවා.....//)

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.