Lyrics
අම්මගේ මල් මල් සාරිය ඇඳලා
අක්කගේ අඩි උස සපත්තු දාලා
ලොකු පොත් මිටියක් තුරුළු කරන්
මම සෙල්ලම් ඉසකෝලෙට යනවා
කූඹි සිසුන් හට අකුරු කියා දෙනවා
කව්රුද ඊයේ පාසල් නාවේ
කව්රුද මවගෙන් ලියුම් ගෙනාවේ
කව්රුද ළමුනේ ඊයේ මම දුන්
කවි පාඩම් කෙරුවේ
සැන්දෑ අහසේ පාට ගෙනැල්ලා
සිතුවම හැඩ කෙරුවේ
අම්මගේ මල් මල්....
අන්න බොලේ අපෙ අක්කා දැක්කා
මෙන්න බොලේ අපෙ අම්මා එනවා
ළමයිනි අද ඇති පාඩම ඉවරයි
පන්තිය දැන් අවසන්
ආයේ දවසක පමා නොවීලා යලි එන්නට පුළුවන්