Lyrics
(අම්මා වගේ කව්රුත් මට ආදරේ නෑ......//)
ලේ කිරි කර මට පෙව් හැටි අමතක නම් නෑ
අම්මා වගේ කව්රුත් මට ආදරේ නෑ.....
ඕන වුනාම මා ළඟ ඉන්නයි
එපා වුණාම මා හැර යන්නයි
(කවුරුන් කෙරුවත් මගෙ අම්මා නම්
එහෙම කරන්නෑ......//)
(අම්මා වගේ කව්රුත් මට ආදරේ නෑ......//)
අම්මා..... අම්මා..... අම්මා....
දුක සැප දෙක ළඟ සැම විට ඉන්නේ
හරි ආදරයෙන් මාව රකින්නේ
(ගෙදර බුදුන් අම්මා තරම් වටින කෙනෙක් නෑ......//)
(අම්මා වගේ කව්රුත් මට ආදරේ නෑ......//)
ලේ කිරි කර මට පෙව් හැටි අමතක නම් නෑ
අම්මා වගේ කව්රුත් මට ආදරේ නෑ.....