Lyrics
දස මස ඔබේ කුසේ මට දුන් උණුසුමේ
සුවඳයි සිහිවෙන විට හැමවෙලේ
ඔබ පෙවූ කිරි රසේ ගුණ දම් පැවරුවේ
මා නිසි මග යවන්නමයි ලොවේ
අම්මා ඔබය මා දිවියේ දෙවෙනි බුදුන්නේ
සංසාරේම මා සමග ඉන්න ළඟ මගේ
(ආදරෙයි අම්මේ ආදරෙයි අම්මේ......//)
අකීකරුයි කියා තරවටු කළත් එදා
මතකයි මං හැඬුවා ඔබේ තුරුලටම වෙලා
ලොකෙන් කතා අසාගත්තොත් පුතා ඔයා
අම්මා කඳුළු සලයි පුතු හැඩුවටත් වඩා
කීවා මතකයි අම්මා මං ඔබේ කීකරුම පුතා
අම්මා ඔබය මා දිවියේ දෙවෙනි බුදුන්නේ
සංසාරේම මා සමග ඉන්න ළඟ මගේ
(ආදරෙයි අම්මේ ආදරෙයි අම්මේ......//)
ප්‍රේමෙන් මුලා වෙලා තම මව් අතහරිනා
දූ දරුවන් උදෙසා මව්වරු සුභ පැතුවා
වැටි වැටි නැගිටිනදා අම්මා ළඟ උන්නා
බැණ කිරි නොදුන් නිසා මතු බුදු වෙයි අම්මා
ඇය දුන් ඔවදන් ඇසුවා නැත මට වැරදුණේ කිසිදා......
දස මස ඔබේ........