අම්මා ඔබයි මගේammaa obayi magee

Amma Obai Mage

Music:
අබුෂ්ක දසනායකabushka dhasanaayaka
Lyrics:
ට්යුඩර් කඳනාරච්චිtyudar kandanaarachchi

Lyrics

හිරු සැඟවුණු විට හිරුගේ අගේ දැනේ
සඳු සැඟවුණු විට සඳුගේ අගේ දැනේ
මව්පියෝ නැති දා මව්පිය අගේ දැනේ
ලෝකෙන් උතුම් අම්මා ඔබයි මගේ......

සඳු නැති අහසේ තරු වැල් ඔස්සේ
සැසඳෙන සේයා කර මැවෙන්නේ
ආදර අම්මේ ඔබ අමතයි සිතමින්
වට පිට බැලුවේ නෑ ඔබ මා අමතන්නේ.....

නගරේ මහා හඩ මැද්දේ 
සිහින් හඬක් මා සවනත වෑහේ
තාත්තාගේ මුහුණයි සිතමින් බැලුවේ 
මා නෙතු රවටයි 
නෑ ඒ වත දිස්වන්නේ.....

(හිරු සැඟවුණු විට හිරුගේ අගේ දැනේ
සඳු සැඟවුණු විට සඳුගේ අගේ දැනේ
මව්පියෝ නැති දා මව්පිය අගේ දැනේ
ලෝකෙන් උතුම් අප්පච්චි ඔබයි මගේ...//)

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.