අම්ම මගේamma magee

AMMA MAGE

Album
AMMA MAGE
Music:
නිලාන් ප්‍රනාන්දුnilaan pranaandhu
Lyrics:
ඉරෝ ෂාන් දිසානායකiroo shaan dhisaanaayaka

Lyrics

වලාකුළු වියන් අතරේ 
මා සතපවා.
කියා දුන් කතාවේ අරුමය
තවම සොයනවා.
නිමක් නැති සෙනේහය ගැන
කවිය තෙරුවා
මුල් පදයක ඔබගේ පදවිය
ලියවී තිබුනා.

නිමක් නැති සෙනෙ හදවත සිරකලා.
ඔබගේ සෙනෙ මට අද අගය තේරුනා.
අම්මේ අද මා, සිතින් තනිවෙලා.
විදවනවා මොහොතක් පසා 
සුසුම් හෙලනවා..

කාලය ගෙවුනත්
කේතරම් ගැන්නත් 
එකම ගනනක් ගැනෙන්නේ
ඔබ දුන් සෙනේ නිදන් වුයේ 
සදහටමයි මයෙ අම්මේ..

නිමක් නැති සෙනෙ හදවත සිරකලා.
ඔබගේ සෙනෙ මට අගය තේරුනා.
අම්මේ අද මා, සිතින් තනිවෙලා.
විදවනවා මොහොතක් පසා 
සුසුම් හෙලනවා..

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.