අම්මා (කුසේ දරාගෙන)ammaa (kusee dharaagena)

Amma (Kuse Daragena)

Music:
සම්පත් ලංකා පෙරේරාsampath lankaa pereeraa
Lyrics:
දිල්හාන් විජේසිංහdhilhaan wijeesinha

Lyrics

කුසේ දරාගෙන දස මසකුත් උන්නා
දරා ගන්න බැරි දුක් පීඩා වින්දා 
අම්මා එදා මං හින්දා දුක් වින්දා.. දුක් වින්දා
මං හින්දා දුක් වින්දා

බිහි කලදා මා ඔබට කෙසේ දැනුනේ
පරදා දිවි ඔබෙ මා ගැනමයි සිතුවේ 
මා ලොව දුටු දා මුල් කිරි මට පෙව්වේ 
එහි ශක්තිය මගෙ ලෝකය එලිය කලේ 
අම්මා.. අම්මා.. අම්මා.. මගෙ අම්මා

නිසි වයසෙදි මා පාසැල වෙත යවලා 
නුවණැස පාදා සරසවියද පෙන්වා 
පුතා මගේ ලොකු මිනිසෙකු වෙයන් කියා 
හිස අත ගා මට සුබ පැතුවා අම්මා 
අම්මා.. අම්මා.. මට මැණිකකි අම්මා

කුසේ දරාගෙන දස මසකුත් උන්නා....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.