අම්මාammaa

Amma

Music:
රුවන් වල්පොලruwan walpola
Lyrics:
සෝමලතා හේරත් මැණිකේsoomalathaa heerath maenikee

Lyrics

හිරු මඩල වී ඇවිත් සඳවතට එළිය දී
විශ්වයම හැඩ කෙරූ ඔබයි මගේ අම්මා
ළය හොවා උණුහුමට දුන් ඕවා දම් මෙමට
රන් මුවා පිළිමයක් සේ රැඳෙයි මා ළඟම
අම්මා අම්මා ඔබ කොහිද අම්මා
මටම ආදරය දී සැඟවුනීද අම්මා......

විහඟුන්ට ඉඩ නොදී ඔබ කියූ ගී පැදි
මඳ සුළඟ සමඟ විත් සියො ළඟම වෙලි වෙලි
මතක අමුණා ලියූ කලත කලතා සෙවූ
හදවතේ මුල් කවිය ඔබයි මගේ අම්මා
අම්මා අම්මා ඔබ කොහිද අම්මා
මටම ආදරය දී සැඟවුනීද අම්මා......

අඳුරු කඩ ඉරණේ ඉඳ හිනාවෙන තරු සේම
ඔබේ රුව හිනාවේ මගේ පපුවේ යට නිදන
ආදරය හිත පිරුණ කියාගන්නට පෙරම
ගියත් දුර මා හද ඔබයි මගේ අම්මා
අම්මා අම්මා ඔබ කොහිද අම්මා
මටම ආදරය දී සැඟවුනීද අම්මා......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.