අම්මාammaa

Amma

Music:
රාජ් තිලයියම්පලම්raaj thilayiyampalam
Lyrics:
මනුරංග විජේසේකරmanuranga wijeeseekara

Lyrics

තුරුපත් සැලෙනා සිසිලේ
නුඹ පියමැන්නා සුවසේ
ඇස් දෙක වැසෙනා මොහොතේ...
නුඹ ලඟින් මගේ
තුරුලු වෙන්න ආසයි නුඹගේ
සුවඳ දැනෙන හද පතුලේ
අකුරු තුනක සැඟවූ නුඹගේ
අපිරිමිත සෙනේ...

අම්මා නුඹ පෙනෙනා ලෝකේ
දෙවියනුයි මගේ
අම්මා නුඹ දෑස මානේ
ලෝකයයි මගේ

වැටෙන කඳුළු මුතු කරවා
මාගේ ලොව සදා...
අඳුර වැටුන බියද දැනෙන
මාවතෙන් මුදා...
යන්න පුතුනි මඟ මෙයමයි
ආදරෙන් කියා...
ලොවම දිනන දෙස බලලා නුඹ
සිතින් රජ වුනා...

අම්මා නුඹ පෙනෙනා ලෝකේ
දෙවියනුයි මගේ
අම්මා නුඹ දෑස මානේ
ලෝකයයි මගේ

දැවෙන සසරෙ යලි කිසි දා
හමුවන්න එපා...
යලිත් දිනෙක හමුව මෙලෙස 
යන්න යන නිසා...
සිතට දැනෙන මේ දුක නිම්
නැවත මට එපා...
අම්මේ නුඹ සෙනෙහස නැතිදා
දුකද නෑ නිමා...

අම්මා නුඹ පෙනෙනා ලෝකේ
දෙවියනුයි මගේ
අම්මා නුඹ දෑස මානේ
ලෝකයයි මගේ

තුරුපත් සැලෙනා සිසිලේ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.