අම්බරුවෝ (කැලේ හැදෙන කිරි මදුවැල්)ambaruwoo (kaelee haedhena kiri madhuwael)

Ambaruwo (Kale Hadena Kiri Madu Wal)

Lyrics

අම්බරුවෝ....  පින් දරුවෝ.....
අම්බරුවෝ....  යං මිතුරෝ....

හෝ.. හෝ..හෝ...

කැලේ හැදෙන කිරි මදුවැල් කාපල්ලා
දොලේ ගලන හීතල දිය බිපල්ලා
වෙලේ හීය අහවර කර නාපල්ලා...
යලේ කන්න ගොඩ දමලා දීපල්ලා
යලේ කන්න ගොඩ දමලා දීපල්ලා

හෝ.. හෝ..හෝ... 

නැම් බඹරේ මහ කුඹුරේ දිය බැන්දා
පින් හීයට දහ අට බානක් බැන්දා
රන් පොලොවේ ලී නගුලෙන් ඉරි ඇන්දා
අම්බරුවනේ රට රැකුනේ තොපි හින්දා
අම්බරුවනේ රට රැකුනේ තොපි හින්දා

කැලේ හැදෙන කිරි මදුවැල් කාපල්ලා
දොලේ ගලන හීතල දිය බිපල්ලා
වෙලේ හීය අහවර කර නාපල්ලා...
යලේ කන්න ගොඩ දමලා දීපල්ලා
(යලේ කන්න ගොඩ දමලා දීපල්ලා...////)

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.