අමතන්නamathanna

Amathanna

Music:
නිමේෂ් කුලසිංහnimeesh kulasinha
Lyrics:
නවීන් පෙරේරාnawiin pereeraa

Lyrics

පුරුද්දට වගේ තරහා වෙලා
ඇයි මගෙ අංකය බ්ලොක් කරලා 
දුරකතනය දෙස හිඳිමි බලා 
සැකයක් හිත යට ඉතිරි වෙලා

අන්තිම පාරට අමතන්න 
ලස්සන කටහඬ අහගන්න
කවුරුත් නෑ දුක පවසන්න 
එක සැරයක් හරි අමතන්න

වැරදි ඇති දෙවියක් නොඇති 
සැක කරලා නම් නැහැ දිනුමක් 
කොහෙවත් නෑ සියයට සියයක් 
නිවැරදි මිනිසුන් ලොවේ කවුරුවත් 
වෙන්නට බැරි නම් පෙම්වතුන් යලිත් 
හෙට ආයේ අමතන්න දුක සැපවත් අහගන්න

අන්තිම පාරට අමතන්න....

බොරුවට නෑ ආයුෂ කොහොමත් 
ඒ ගැන දැනගෙන වෙයි ජීවත්
දුන්න ආදරේ අනන්තයක්
ඔයා නැතිව හිත ගිනි කන්දක්
වෙන්නට බැරිනම් පෙම්වතුන් යලිත් 
හෙට ආයේ අමතන්න දුක සැපවත් අහගන්න
  
පුරුද්දට වගේ තරහා වෙලා....
අන්තිම පාරට අමතන්න....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.