Lyrics
අමතක කරන්න බෑ සිතින් කිසිදා ඔයා
වරද පවසන්න මා ළඟින් යන්නට දමා
මට ඔබ තරම් වෙන කවුරුවත්
හමුවන්නේ නෑ කවදාකවත්
කඳුළක් ළඟින් තියන් දින ගැන මගේ සිතින්
ඔබ එයි කියා යළිත් පෙරමං බලන්
සිටියත් තවත් දුකින් ඔබ එන්නේ නැති බවත්
පිළිගන්නේ නෑ මගේ හිතනම් තවත්
මේ ජීවිතේ ඔබ අහිමි නම් යළිත්
මතු භවෙක හෝ නවතින්න මා ළඟින්
වෙනතක් බලා ගියත් තරහක් නොවේ තවත්
රිදවන්න ඔබ මගේ හිත හැකි තරම්
හැමදේම ඔය අතින් ගෙන දුන්නු මහිමයෙන්
අමනාප නෑ උනේ මගේ රත්තරන්
මේ ආත්මයෙන් සමුගන්න දාකවත්
පෙරදා වගේ යළි එන්න ආදරෙන්
අමතක කරන්න බෑ සිතින් කිසිදා ඔයා
වරද පවසන්න මා ළඟින් යන්නට දමා
මට ඔබ තරම් වෙන කවුරුවත්
හමුවන්නේ නෑ කවදාකවත්