අමතක කරන්නamathaka karanna

Amathaka Karanna

Music:
රාජ්raaj
Lyrics:
සජිත් චතුරංගsajith chathuranga

Lyrics

ඔබ මගෙන් සමු අරන් වෙන කෙනෙක්ගේ වුණත් තරහා නෑ මං
ආදරේ තරම දැන උන්නා නම් යන්නේ නෑ වෙන් වෙලා
අමතක කරන්න බැරි තරම් මට ඔබ සිහිවෙනවා
ඔබේ සෙනෙහස මට අහිමි නම් පාළුවේ ඉන්නවා......

ඉකිගසා හඬන ඇස් අතරින් දුක මගේ රූරලා
ඉවසුව සරදම් විඳවනු බෑ දැන් ජීවිතේ පෑරිලා
ඔබ ඈත යන්න ගියපු ලෙසින් 
සමුගන්න දන්නේ නැහැ මම නම් 
අමතක කරන්න බැරි තරම් මට ඔබ සිහිවෙනවා
ඔබේ සෙනෙහස මට අහිමි නම් පාළුවේ ඉන්නවා......

විඳවනා තරම දන්නවා නම් දුර රැඳෙන්නෑ ඔයා
අදහනු බෑ දැන් හැර ගිය දුර නම් ඔබ මගෙන් වෙන්වෙලා
කවදාද එන්නේ නැවත ඔයා 
දැකගන්න ඉන්නේ තවම බලා
අමතක කරන්න බැරි තරම් මට ඔබ සිහිවෙනවා
ඔබේ සෙනෙහස මට අහිමි නම් පාළුවේ ඉන්නවා......

ඔබ මගෙන් සමු අරන්.......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.