අමර පෙම් ලතාවේamara pem lathaawee

Amara Pem Lathawe

Music:
සරත් දසනායකsarath dhasanaayaka
Lyrics:
කරුණාරත්න අබේසේකරkarunaarathna abeeseekara

Lyrics

අමර පෙම් ලතාවේ රන් මලක් උදාවේ..//
අඳුන් සඳුන් සුව මැවේ මනෝ මන්දිරේ..
ඉසුරුමුනි කතාවේ යුවළ දැන් සිනාවේ..//
කසුන් සඳක් ජනිත වේ ජීවන අඹරේ..

ඔබෙ දෙපා ළඟ මගේ තුරුණු හද පිදේ
හිමවතේ සිසිල දී ගිමන සංසිදේ
හා හා හා හා හා... ම් ම් ම් ම් ම්...
ආදරේ ආදරේ මී බඳුන් පිරේ
ආදරේ ආදරේ මී බඳුන් පිරේ

අමර පෙම් ලතාවේ... /

පිපෙන මල් විල් තලේ දියට බර නැතේ
දෝත දී පිළිගමී ඔබගෙ ජීවිතේ
හා හා හා හා හා... හෝ හෝ හෝ හෝ හෝ ...
ආදරේ ආදරේ මී බඳුන් පිරේ
ආදරේ ආදරේ මී බඳුන් පිරේ
ආදරේ ආදරේ මී බඳුන් පිරේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.