අමනාපකම් තබා මේ හිතේamanaapakam thabaa mee hithee

Amanapakam Hithe

Lyrics

අමනාපකම් තබා මේ හිතේ
තිබු හාදකම් කොහෙදෝ ගියේ
උන්නාට මං නුඹෙ හීනයේ
වෙන්නෑ නුඹේ සංසාරයේ
මට මම වඩා නුඹ හොද නිසා 
ඇසිපිය පවා විදිනවා වේදනා 

තුන්යම හඩයි සිත ගිනියම් වෙවී
ඇස නුඹ සොයයි තව මට වද දිදී 
සබකෝල මං ගාව නුඹෙ සුවද ඇත තාම
පිං මදිද සැනසෙන්න අපෙ ලෝකයේ
මට මම වඩා නුඹ හොද නිසා
ඇසිපිය පවා විදිනවා වේදනා 

දොඩමලු වෙමින් ලගම උන්නේ ඔයා 
මුනිවත රකියි අද දුරකට වෙලා 
පිදුවාට පණවාගෙ නුඹ තාම දන්නෑනෙ
කළ පවු හුගක් තිබිලා මගෙ ලෝකයේ 
මට මම වඩා නුඹ හොද නිසා
ඇසිපිය පවා විදිනවා වේදනා
මට මම වඩා හා හා හහා
ඇසිපිය පවා හා හ හා හාහහා.

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.