Lyrics
අමකර කුරවි සරින්
තෙපලූ මධුර කතා
හිමකර නොසිතු ලෙසින්
ඔබය සුවය ගෙනා...//
අමකර කුරවි සරින්...
හස තුඩු ගැටුණු සැනින්
කැකුල මත් වූවා
මතකයි නොහිමි සුවෙන්
දිනක් ගත වූවා...//
අමකර කුරවි.....
මදරද නොමැත තෙතක්
විඳිමි සරාදරේ
ළඳ ඔබ ම වෙත යලිත්
කෙදින පැමිණේවිදෝ...//
අමකර කුරවි....