අමා රන් හැඟුම් පිරීamaa ran haengum pirii

Ama Ran Hagum Piri

Music:
ස්ටැන්ලි පීරිස්staenli piiris
Lyrics:
කේ.ඩී.කේ. ධර්මවර්ධනkee.dii.kee. dhharmawardhhana

Lyrics

අමා රන් හැඟුම් පිරී
සෙනේහේ බිඳීලා
කඳුළැල් ගලා යාවි
දෙනුවන් විඩා වූවා ...//
අමා රන් හැඟුම් පිරී

නලවැල් වැදීලා 
රුවලත් ඉරිලා
රළ වැල් ගැටීලා 
නෞකා බිඳී
වැනසී ගියා

අමා රන් හැඟුම් පිරී
සෙනේහේ බිඳීලා
කඳුළැල් ගලා යාවි
දෙනුවන් විඩා වූවා
අමා රන් හැඟුම් පිරී

වන මල් පිපේදෝ 
බඹරුන් හඬාදෝ
මේ දුක් ඇසේදෝ 
ඔබගේ හදේ 
කිසිදා ළ‍ඳේ

අමා රන් හැඟුම් පිරී
සෙනේහේ බිඳීලා
කඳුළැල් ගලා යාවි
දෙනුවන් විඩා වූවා ...//
අමා රන් හැඟුම් පිරී

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.