Lyrics
අමා දහර දිය ගලා ගලා
තුරු ලතා තුළින් මල් පියලි සලා
ජය හඬින් ලොවට සිහ නද පතුරා
ලෝ සත අතරින් ජනිත වුණා
අමා දහර දිය ගලා ගලා
තුරු ලතා තුළින් මල් පියලි සලා
(සැපෙහී කිමිදී දුකෙහි ගැලීලා
මැදුම් පිළිවෙතින් අමා සුව ලබා...//)
දහම් සුවඳ මල් දසතම පතුරා
(සියළු කෙලෙස් මැඩ බුදු වූවා...//)
අමා දහර දිය ගලා ගලා
තුරු ලතා තුළින් මල් පියලි සලා
ජීවිතයේ ඇති නොනිමි අතිර බවු
ලොවට පැතුරු කරුණාවේ අම ගුණ
සියළු සතුන් වෙත දහම් රස පෙවූ
(කරුණාබර නෙත් නිවී ගියා...//)
අමා දහර දිය ගලා ගලා
තුරු ලතා තුළින් මල් පියලි සලා