අළුත් සෙනෙහේaluth senehee

Aluth Senehe

Music:
චන්දන වල්පොලchandhana walpola
Lyrics:
සජිත් චතුරංගsajith chathuranga

Lyrics

හිමි නොවෙන බව වටහා ගෙන ඔබ ජීවිතේ ගෙව්වා නම්
තවම සතුටින් ඉන්නවා මම ඔබ ළඟින් නැති වුණත්
අළුත් සෙනෙහේ ඔබට මතුදා දුක ලැබුණොත් හිතුවට වඩා‍
යලි සැණෙකින් එන්න හැරිලා හැමට හොරෙන් මා වෙත සොයා......

ආත්මයෙන් ආත්මයේ හමුවන්න කෙරුව ආරාධනා
කව්ද අමතක කලේ ඔය හිතට බොහොම බොරු කරලා
අළුත් සෙනෙහේ ඔබට මතුදා දුක ලැබුණොත් හිතුවට වඩා‍
යලි සැණෙකින් එන්න හැරිලා හැමට හොරෙන් මා වෙත සොයා......

හිමි නොවෙන බව.......

දෑස මෙන් හිත ඔබර රැකගත්ත මාව අතහැරදමා
ඈත ඔබ යයි කියා දැනුනේම නෑනේ ඉඟියෙන් පවා
අළුත් සෙනෙහේ ඔබට මතුදා දුක ලැබුණොත් හිතුවට වඩා‍
යලි සැණෙකින් එන්න හැරිලා හැමට හොරෙන් මා වෙත සොයා......

හිමි නොවෙන බව.......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.