අලුත් ඉරකි පායන්නේaluth iraki paayannee

Aluth Iraki Payanne

Music:
අමරදේව W Damaradheewa w d
Lyrics:
සුනිල් සරත් පෙරේරාsunil sarath pereeraa

Lyrics

අලුත් ඉරකි පායන්නේ  - අලුත් කිරණ විහිදෙන්නේ
අලුත්ම දවසකි එන්නේ - අලුත් හැඟුම් උපදින්නේ
අලුත් ඉරකි පායන්නේ

(සතුටු සිනා නගමින්නේ - කවුරුද ඇවිදින් ඉන්නේ...//)
මියුරස ගී අසමින්නේ - සැම දන මන පිබිදෙන්නේ
අලුත් ඉරකි පායන්නේ

(මුතු දහඩිය හෙලමින්නේ - තව දවසක් අරඹන්නේ...//)
රබන් සුරල් නැඟ එන්නේ - සිතුම් පැතුම් ඉටු වන්නේ
අලුත් ඉරකි පායන්නේ  - අලුත් කිරණ විහිදෙන්නේ
අලුත්ම දවසකි එන්නේ - අලුත් හැඟුම් උපදින්නේ
අලුත් ඉරකි පායන්නේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.