අළු පාට වළාකුළු කථාවක් වත් නෑalu paata walaakulu kathhaawak wath nae

Alu Pata Walakulu

Lyrics

අළු පාට වළාකුළු කථාවක් වත් නෑ
තරු නිවී තරු නිවී රාත් ‍රියේ...
සඳක් නැති අහසේ අරමුණක් නැතුව මං
ගිනි අරන් ගිනි අරන් මොනවත් හොයන්...

උල්කාපාතයක්,අහසේ ගිනි අරන්
අළු වෙලා පොළවට වැටෙනා,උල්කාපාතයක්...

අහස් කාන්තාරයේ නන්නාඳුනනා ජීවිතේ,
ආලෝක වර්ෂ ගෙවා ආදරේ අරමුණක් සොයා...
පොළවට වැටෙනා දේවතා එළියක්,
ගිනි ගත්ත තරු එළියක්...

උල්කාපාතයක්,අහසේ ගිනි අරන්
අළු වෙලා පොළවට වැටෙනා,උල්කාපාතයක්....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.