Lyrics
අළු පමණක් ඉතිරි වුණා ආදරයම ගිනි ගත්තා
නුඹ යන බව නුඹ කියු දා උන් තැන මා නතර වුණා
මා නිහඬව උන් හින්දා ගිනි කන්දක් නුඹ මැව්වා
අළු පමණක් මා දුටුවා ආදරයම අළු වූවා...
ජීවිතයේ ලද සරදම් අපමණ නුඹ හින්දා
මා ඉවසූවා ඉවසන මගේ හිත යළි යළි බිඳ බිඳ
අපමණ සතුටක් නුඹ ලැබුවා
මා නිහඬව උන් හින්දා ගිනි කන්දක් නුඹ මැව්වා
අළු පමණක් මා දුටුවා ආදරයම අළු වූවා...
ගින්නක් මැද ඇති උණුසුම වගේ සිත අනන්ත දුක් බාධක වින්දා
නුඹ යන ඈතක මා මෙහි තනි කර ජීවිතයත් මට අහිමි කළා
මා නිහඬව උන් හින්දා ගිනි කන්දක් නුඹ මැව්වා
අළු පමණක් මා දුටුවා ආදරයම අළු වූවා...
අළු පමණක් ඉතිරි වුණා.....