ආලෝකේ බිහිවේ පැතිරේදෝaalookee bihiwee paethireedhoo

Aloke Bihiwe Pathiredho

Lyrics

ආලෝකේ බිහිවේ පැතිරේදෝ
ආශාව ඉටුවී සපිරෙයි දෝ
වැළලුණු මල ඊයේ තව හෙටක්‌ තියේ
සටනකි ජීවිතේ
ජය පරාද වේ...

කල්පනාව පෙරසේ නැත
ඇහැරීලා කොටුවීලා සිතු සේ
රන් කුරුල්ලෙකු සේ යමී
පියඹලා සැනසීලා සිතුසේ
ආකාසේ හිරු දෙවියෝ හිනැහෙනවා අපේ
ජය පරාදවේ
සටනකි...

සත්‍යයෙන්ම මිස ලොව
කවදාද අවනිති දිනුවේ
යුක්‌ති ධර්මේ අනුව සත්‍ය බලවත්ව
තෙදවත්ව රජවේ
රැයම නොවේ දහවල වේ
නියදම සේ ලොවේ
ජය පරාද වේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.