අල්ලන් යන්න බැරි අතක්allan yanna baeri athak

Allan Yanna Beri Athak

Music:
ඩී මාස්dii maas
Lyrics:
උදේශ් ආර්යන්udheesh aaryan

Lyrics

පොරොන්දු වෙන්නම් සංසාරේ දුකක්නම් නොදී
පරිස්සම් කරන් නුඹව මා එක්කන් යමී

මේ හිරිහැර ලෝකෙන් පිටවි
අපි අපිටම පමනක් අයිතී
නැවතුමකදි කොහේ හෝ හමුවී
විඳගමු මේ ආදරේ

අපි පතනා ජීවිත සමහර තැන්වල
මුණගැහුනත් මේ ලෝකේ
හැම හමුවීමම කෙලවර වන්නෙ
හිමිවිමෙන් නොව අවසානේ

අල්ලන් යන්න බැරි අතක්
අරගෙන ඇවීද බොහෝ දුරක්
හංගා මතක හුස්මෙ තියන්
තනිවීම ප්‍රේමයක්....//

ඇහිපිල්ලම් යට හංගා දෑසේ
විඳගමු අපි මේ සංසාරේ
පමා වූ ඒ ආදරේ රිදුම්
සිනහව පාරනා සුසුම්
දරාන ජීවිතේ ගිමන්
මේ භවේ
ඉමු අපි පේන මානයෙන්

අල්ලන් යන්න බැරි අතක්....///

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.