අලි නැව් එන කොලඹ නගරෙ කොඩිගහ යටali naew ena kolamba nagare kodigaha yata

Ali Naw Ena

Lyrics

අලි නැව් එන කොලඹ නගරෙ කොඩිගහ යට ඉපදුනෙ
මම කොඩි ගහ යට ඉපදුනෙ
ඉන්ගිරීසියෙන් කතාව ටැක්සියෙනුයි ගමනයි
මේ ටැක්සියෙනුයි ගමන මේ

යල මහ දෙක ජයට වැවෙන ගමේ උපන් කොල්ලෙකි
මං ගමේ උපන් කොල්ලෙකි
බුලත් කන්නෙ පයින් යන්නෙ සින්හල විතරයි දැනෙ 
මට සින්හල විතරයි දැනේ

මට හැදිගෑරුප්පු ඕනේ පාන් බතල බත් කෑවත්
පාන් බතල බත් කෑවත්
සීත කෙරුව කාමර මිස නින්ද නොයයි කවදාවත්
නින්ද නොයයි කවදාවත්

සුර ලෝකයෙ සුරගනාව  මනු ලොව මුන ගැහෙනවා
මට මනු ලොව මුන ගැහෙනවා
මං හවසට හුලං හමන ගෝල්පේස් එකට යනවා
ගෝල්පේස් එකට යනවා 

උදේ හීල් බතුයි දවල් කන්නෙ  හෙරලි අල බතලයි
කන්නෙ හෙරලි අල බතලයි 
අත් දෙක උඩ ඔලුව තියන් නිදන්නෙ මැස්සට නැගලයි
නිදන්නෙ මැස්සට නැගලයි

පං උදුරන ටිකිරිමලී  අපේ ගමට සුරමිනී
ඈ අපේ ගමට සුරමිනී 
ගම්බද මන් වගේ අයට දිව් ‍යලෝකේ වෙල් එලියයි
දිව් ‍යලෝකේ වෙල් එලියයි 

එහෙන් කාර් මෙහෙන් කාර් ලොකු බිල්ඩින් තට්ටු තට්ටු
ලොකු බිල්ඩින් තට්ටු තට්ටු 
කොලොම්පුරේ අහලටවත් ගම්බද කර නොහද කිට්ටු 
ගම්බද කර නොහද කිට්ටු 

අනේ එපා කොලඹ තාලෙ පුරුදු වෙන්න කිසිකාලෙක
පුරුදු වෙන්න කිසිකාලෙක 
ගොවියෙක් වී මලත් සැපයි කරල් පැහුනු වෙල් යායක 
කරල් පැහුනු වෙල් යායක 

අලි නැව් එන......
යලමහ දෙක ජයට....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.