අලි ඇතුන් මරන්නේali aethun marannee

Ali athun maranne

Lyrics

අලි ඇතුන් මරන්නේ මිනිස්සු දළ අරගන්නයි 
ගොනා මුවන් මරන්නේ ලස්සන අඟ අරගන්නයි 
වග වලස් මරන්නේ ගලවලා හම අරගන්නයි 
එළුහරක් මරන්නේ රසකර මස වලදන්නයි 

නීතියෙන් වැටක් බඳුනත් දඩුවම් යොදලා 
පාපයක් ලෙසින් තිබුනත් බණ පොත් වල ලියලා 
මට වටහා ගන්න බෑ කොච්චර බැලුවත් හිතලා 
මිනිස්සු මිනි මරන්නේ මොනවා ගන්නද කියලා 

ජන වර්ගය වර්ණ භූමිය හේතුව කොට ගෙන 
වනා මුර්ගයෝ ගානට මිනිස්සු සහාසික වෙස් ගෙන 
මිනිසත් කමටම එරෙහිව සටනට එරබුන තැන 
වෙඩි ඇතක නොව ලෝකය අමු සොහොනක් වන දින 

නීතියෙන් වැටක් බඳුනත් දඩුවම් යොදලා ..........

අපිට සමනලයෙකු මිට මිරිකා දමනු හැකි 
හිතට දුක  හිතුනම මළ කුණ ලඟ හඬා වැටෙනු හැකි 
නමුත් නැති කල පණ දෙන එක යලි දෙයක්ය යළි නොකලැකි 
එසේ දෙන්නට බැරි පණ වනසන්නට හොඳ නෑ සකී .....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.