ආලේ අංගනාaalee anganaa

Ale Angana

Album
Manej Sanjaya - Ale Angana
Music:
හෂාන් තිළිණhashaan thilina
Lyrics:
ප්‍රසන්න කුමාර ධම්මලගේprasanna kumaara dhhammalagee

Lyrics

සඳවත පෑව නුරා - හිත ළඟ නතර වුණා
අරඹන්නට මල් වාරේ
හදවත නුඹට ලියා - පුරනෙමි පාරමිතා
අරගන්නට කරකාරේ
ආවේ ආවේ - සොයලා මේ වාගේ
මා නේදෝ සංසාරයේ

සුරලියක් කියා
වෙද්දි ඇස් මුලා
හීන කැන්දුවා
ආලේ අංගනා

මධු මනහාරී - රූ ශෲංගාරී
ඒ සෝබන නැලවිල්ලේ
නුඹ හැඩකාරී - මගෙ කවිකාරී
මේ ආදර සිතුවිල්ලේ

මනබැඳි නාරී - හරි දඟකාරී
සීමා තැනු ඉවසිල්ලේ
පැතු පිංසාරී - මතු මගෙ බාරී
දුටුවා ඔය හැසිරිල්ලේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.