අලවන්තියක්alawanthiyak

Alawanthiyak

Lyrics

අලවන්තියක් වෙන්නට සිතුවා 
පාළුවෙන් කිමද තවමත් ඇසුවා
රාග නෙත් වලින් ඇවිටිලි කරලා 
ආලවන්තයෙක් ඉඟි බිඟි කෙරුවා  

අලවන්තියක් වෙන්නට සිතුවා 
පාළුවෙන් කිමද තවමත් ඇසුවා
ඒ වුනත් මසිත අදිමදි කෙරුවා 
ආලයක් තවද මොකටද ඇසුවා 

කවි ලියා යසට ගී ගයා රසට 
ඇති නමුත් කුමට පල නැත ඉන් මට 
සිත කඩා දමන සිත මුලා කරන
වැරැද්ද කරන්නෙපා 

හද පුරා සතුට ගෙනෙනවා අපට 
කියූ නමුත් කුමට අඳුරට ලං කොට 
සිත කඩා දමන සිත මුලා කරන
වැරැද්ද කරන්නෙපා 

Rap

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.