ආලවන්ත නුඹේ පෙමටaalawantha numbee pemata

Alawantha Numbe Pemata

Lyrics

ආලවන්ත නුඹේ පෙමට
අවිහිංසක කතා බහට
වහන් වෙන්ට හිත් වුනාට
ආසයි මට බහක් දෙන්ට

මල් වැට ළඟ හැන්දෑවට
හිරු බැස යන හෝරාවට //
සිදාදියෙන් නුඹ එනකොට
සිත නලියයි රුව දකින්ට

ආලවන්ත නුඹේ ....

එහා ගමට දීග දෙන්ට
නැකත් බලන අප්පච්චිට //
නුඹේ සුන්දර හිත දකින්ට
කඳ සුරිඳුන් පිහිට වෙන්ට

ආලවන්ත නුඹේ ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.