අකුරු මැකී නෑakuru maekii nae

Akuru Makee Na

Music:
රෝහණ වීරසිංහroohana wiirasinha
Lyrics:
කුමාරදාස සපුතන්ත්‍රීkumaaradhaasa saputhanthrii

Lyrics

(අකුරු මැකී නෑ
කොළ ගැලැවී නෑ
බොඳවී නෑ සිතුවම්
ඉස්සර වාගේ
තාමත් මතකයි
හෝඩි පොතේ පාඩම්)..//

මේ ඊරී බිම සීරී
කුණ්ඩුමනී හිස පීරී
දීසිය පුරවා දෝසි දමා
කුමුදුමතී හිනැහේවී

අකුරු මැකී නෑ
කොළ ගැලැවී නෑ
බොඳවී නෑ සිතුවම්
ඉස්සර වාගේ
තාමත් මතකයි
හෝඩි පොතේ පාඩම්

අපි දුවමු අපි පනිමු
ගී කියමු අපි නටමු
ඇත් පොරයට අපි ඇහැ යවමු
බාලවියට පා නඟමු

අකුරු මැකී නෑ
කොළ ගැලැවී නෑ
බොඳවී නෑ සිතුවම්
ඉස්සර වාගේ
තාමත් මතකයි
හෝඩි පොතේ පාඩම්

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.