අකීකරු හිනාවෙන්akiikaru hinaawen

Akikaru Hinawen

Lyrics

අකීකරු හිනාවෙන් කවුළු දොර ළඟට වී
එදා වගේ අදත් හිඳින් දඟකාරියේ
පුංචි රතු මල් වැවුනු දිග ගවුම ඇද ඇවිත්
හිඳින් දඟකාරියේ එදා වගේ අදත්

සිහින් සිරි පොද වැස්ස වැටෙන සැන්දෑසමේ
පහන් තාරකාවන් පිපී එනතුරු රැයේ
පෙර වගේ හිනැහෙන්න ළංවෙන්න
සොඳුරු දඟකාරියේ

සිඟිති පා පොඩි තබා දුව ඇවිද ගෙමිදුලේ
හොරෙන් වාගේ ඇවිත් හිනා වී හැංගිලා
කොළදෙලෙන් ඒ දවස් අමතක ද
කියන් දඟකාරියේ

අකීකරු හිනාවෙන් කවුළු දොර ළඟට වී 

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.