Lyrics
අකීකරුම මං උඳුරා වෙන් කෙනෙක් මට දීලා
ඔබේ ආදරෙන් ඉපදී අලුත් ලොවක් මම හෙව්වා
පුරුද්දක්ද සංසාරේ කියාගන්න මම දන්නෑ
ඔබේ දෑස මට නොකියා මගේ හිතට තටු දීලා
අකීකරුම මං උඳුරා ....
කියූ වචනයක් පාසා මගේ ජීවිතේ පිරුනා
හදේ ගැස්ම මැද නවතා තියා ගනිමි නුඹ සැමදා
හිතා ගන්න මටවත් බෑ එදා උන්නු මමද කියා
ඔයාව හමු නොවුනා නම් දන්නෑ මං කොහෙද කියා
පුරුද්දක්ද සංසාරේ කියාගන්න මං දන්නෑ
ඔබේ දෑස මට නොකියා මගේ හිතට තටු දීලා
අකීකරුම මං උඳුරා ....
මම ම වෙන්න මට කිසිදා ලැබෙන්නෙම නෑ කියලා
එදා සිතුව හැටි වැරදී කියා දුන්නේ ඔබම තමා
මගේ ලොවට යලි කිසිදා සිනා උරුම නෑ කියලා
සිතා සිටී මං වැරදී ඔයා මාව වෙනස් කලා
පුරුද්දක්ද සංසාරේ කියාගන්න මං දන්නෑ
ඔබේ දෑස මට නොකියා මගේ හිතට තටු දීලා
අකීකරුම මං උඳුරා ....