Lyrics
මේ ගං ඉවුරේ අප හමුවුනුදා
පෙම් සිහින නෙලා මට දුන්නා
ඒ සිහින තියන් යළි ඔබ එනකම්
තව මගම බලාගෙන ඉන්නා
දහසක් පැතුම් වෙයිදෝ සුසුම්
කිසිදිනක හෝ යළි නාවොතින්
කඳුලැලි නෙතින් සඟවා තියා
කාටත් හොරෙන් හෙලමි සුසුම්
හමනා මඳ සුලඟක් හරි සීතයි
තනි වූ ගං ඉවුරේ මට පාළුයි
මා තනිකෙරුවේ ඇයි මා තනිකෙරුවේ
නැතිදෝ මට තාමත් ආදරේ //
සැමදා ගං ඉවුරේ තනියෙන් මා
ඔබ මා ගැයූ ගී වැල් මුමුනන්නම්
මේ ගං ඉවුරේ හමුවූ ගං ඉවුරේ
සොයමි සැමදාමත් ආදරේ //
මේ ගං ඉවුරේ ....