Lyrics
ඇහි පිල්ලමක් යට ඔබව තියලා
රැක ගත්තෙ මන් මහෙ නේද කියලා
එක මොහොතකින් මගෙ හිතම හොල්ලා
ඈතට ගියේ ඇයි මාව දවලා ...
ආදරෙයි ඔබට මන් රත්තරං .
හුස්මක් තරමට දැනෙනා
ආදරයක් ඔබ දුන්නා
ඔබ නැති ජීවිතයක් මා
හීනෙන්වත් නෑ දැකලා
කවියක් වගේ ඔබ භාවනාවක්
මට ඔබ තරම් නෑ දැනුනෙ කාවත්
ඇබ්බැහි වෙලා මම ඔබට තාමත්
ඔබ නැති හිතක් මටනම් අපායක්
ආදරෙයි ඔබට මන් රත්තරන් .
හුස්මක් තරමට දැනෙනා
ආදරයක් ඔබ දුන්නා
ඔබ නැති ජීවිතයක් මා
හීනෙන්වත් නෑ දැකලා ...