Lyrics
ඇහිපිල්ලමක් අතර සැඟවෙන්න රහසේ
සීතලම කඳුලක්ද නවතින්න දෑසේ
උණුසුම්ව සුසුමක්ව නැවතින්න මහදේ
මිහිරේ මිහිරේ මිහිරේ...
මේ මියුරු ගී හඬද ගී පැලද ඔබගේ
මේ පිරුණු දෙකොපුල්ද තොල් පෙතිද ඔබගේ
සුළඟින්ද ගිනි පවන සියො ළඟම ඔබ ගියා
මිහිරේ මිහිරේ මිහිරේ...
හැමදාම පෙම් හීන මැද රෑට ගැවසෙන්න
කොඳුරන්න රස රහස මා ළඟම ඇලවෙන්න
මල් කැකුළු මත සොඳුරු පොද වැස්ස වස්සන්න
මිහිරේ මිහිරේ මිහිරේ...
ඇහිපිල්ලමක් අතර...