අහිංසක මාගේ හිතahinsaka maagee hitha

Ahinsaka Mage Hitha

Music:
බුද්ධිම චලනbudhdhhima chalana
Lyrics:
මනීෂා ඒකනායකmaniishaa eekanaayaka

Lyrics

අහිංසක මාගේ හිත හඬවා අනන්තයට නුඹ හිනැහුණා
සිත් අහසම පුරවා කඳුළැල් වැහිපොද දී
(ඔහුගේ ලෝකෙට වී රැවටුවා......//)

අහසේ තරුකැට මෙතරම් සඳ තරමට නැහැ මනරම්
නුඹව පතන අය ඇති ඕන තරම්
එත් නැහැ කවුරුන්වත් නුඹට ආදර මෙතරම්
පෙති නොතලා සිපගන්නේ නෑ කව්රුත්
හරි ආදරෙන් මං තරම්.........

හිතක තියෙනා හැඟුමන් කියාදෙම්ද කොයි විලසින්
ගුලි වෙලා මාගේ හදවතින් කියා දෙනවද ආදරයෙන්
කඳුළු පිසදා සෙනෙහේ සිතින්
මියෙන තුරු මම ඉන්නම් ඔබේ ළඟින්
හරි ආදරෙන් මේ තරම්......

අහිංසක මාගේ......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.