අහිමි උනත් ඔබටahimi unath obata

Ahimi Unath Obata

Music:
රධීෂ් වැන්දබෝනාradhhiish waendhaboonaa
Lyrics:
සජිත් චතුරංගsajith chathuranga

Lyrics

අහිමි උනත් ඔබට තවත් පෙම් කරන සිතින්
නපුරක් නම් වෙන්න එපා කියා පතන්නම්
මම ශාප නොකරන්නම් කවදාකවත් ඔබට
නවතින්න පෙර හුස්ම ඔබ ආයෙමත් එන්න

ඔබ දුන්නු මුල් හාදුව දුකට බොඳ වෙලා
සැගවී ගියත් කාලය නොදැන ගත වෙලා
මම ශාප නොකරන්නම් කවදාකවත් ඔබට
නවතින්න පෙර හුස්ම ඔබ ආයෙමත් එන්න

අහිමි උනත් ඔබට....

මතු දිනෙක මාගෙ මතකේ නැවත සිහිවෙලා
පසුතැවිලි වේවි නම් ඔබ අලුත් පෙම නිසා
මම ශාප නොකරන්නම් කවදාකවත් ඔබට
නවතින්න පෙර හුස්ම ඔබ ආයෙමත් එන්න

අහිමි උනත් ඔබට....
(ඔබ ආයෙමත් එන්න...///)

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.